“රවී අහන්නේ වැඩකට නැති මහා ගොන් ප්‍රශ්න”- මහ බැංකු අධිපති

“රවී අහන්නේ වැඩකට නැති මහා ගොන් ප්‍රශ්න”- මහ බැංකු අධිපති
September 27 09:11 2017 Print This Article

මහ බැංකුව සතුව විශිෂ්ට නිලධාරි පිරිසක්‌ ඉන්නවා. ඔවුන් ඉතා දක්‍ෂයි. ඔවුන් තාක්‍ෂණිකවත් ඉතා නිපුණ පිරිසක්‌ යෑයි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා කීවේය.

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් මහ බැංකුවේ සිටින අදක්‍ෂ හොරු නිසා උද්ධමනය අඩුකර ගැනීමට නොහැකි වී ඇති බවට පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

මෙවැනි කරුණුවලට පිළිතුරු දීමට තමාගේ කාලය නාස්‌ති කිරීමට තමා අකමැති බවද සඳහන් කළ අධිපතිවරයා උද්ධමනය වැඩිවීමට බලපා ඇති සැබෑ හේතු ගැන මාධ්‍යවේදීන්ට පැහැදිලි කිරීමක්‌ කළේය.

තෙල් මිල ගණන් අඩුවීම සහ ජාත්‍යන්තර භාණ්‌ඩ මිල ගණන් අඩුවීම මේ වසර මුලදී උද්ධමනය අඩුවීමට ප්‍රධාන හේතුවක්‌ වූ බව මහ බැංකු අධිපතිවරයා කීවේය.

එහෙත් දැන් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ භාණ්‌ඩ මිල ගණන් ඉහළ ගිහින් තිබෙනවා. එසේම මුදල් අමාත්‍යාංශය වැට්‌ බද්ද වැඩි කළා. ඒකෙ ලොකු බලපෑමක්‌ තිබෙනවා. ඒ හේතු උද්ධමනය ඉහළ යැමට හේතුවක්‌ වූ බවද වැට්‌ බදු වැඩි කිරීම මහ බැංකුව කළ දෙයක්‌ නොව, මුදල් අමාත්‍යාංශය විසින් කළ දෙයක්‌ බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

මීට අමතරව ගං වතුර සහ නියං තත්ත්වයන් නිසාද කෘෂි ද්‍රව්‍ය මිල ගණන් ඉහළ ගිය බව මහ බැංකු අධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.